www.studytoa9.blogspot.com Srilankan's No.1 Eduational Blog Join With Our Whatsapp Groups මුව ආවරණයක් පැළදීම මගින් Covid-19 පැතිරීම නැවැත්වීමට උපකාරවේ. මුව ආවරණයක් පැළදීම මගින් පමණක් ඔබව ක�ෝවිඩ්-19 ආසාදනයවීමෙන් වළක්වා නොගන්නා බවට මතක තබා ගන්න. අනෙක් අයගෙන් මීටර් 1.5 ක් දුරින් සිටීම සහ ඔබගේ අත් නිතිපතා සෝදා ගැනීම ඔබව ආරෂාකාරීව තබා ගැනීමට ඇති හොඳම ක්රමවේ.

History Q&A | Sinhala Medium

ඉතිහාසය කෙටි ප්‍රශ්න සදහා පිළිතුරු 

1.ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සංඛ්‍යාවට වඩා නිලලත් සංඛ්‍යාව තුනකින් වැඩිවූ ආණ්ඩුක්රම ප්රතිසංස්කරණය කුමක්ද ?
• කෝල්බaaක් ආණ්ඩුක්‍රමය 

2. ආණ්ඩුකාර තනතුර අහෝසි කර අග්‍රාණ්ඩුකාර තනතුරක් ස්ථාපනය කරනු ලැබුවා ආණ්ඩුක්‍රම ආණ්ඩුක්රම ප්රතිසංස්කරණය කුමක්ද?

• සෝල්බරි ආණ්ඩුක්‍රමය 

3.බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු ආකර බහුල ප්‍රදේශ තුනක් නම් කරන්න.

• දකුණු වේල්ස් • යෝක්ෂයර්
• ලැන්කැෂයර්

4. දෙවන ලෝක යුද්ධයේදී ජපානයට විරුද්ධව යුධ ප්‍රකාශ කළ ඇමෙරිකානු නායකයා කවුද?

• ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් 

5. වර්සෙල්ස් ගිවිසුම ඇති කර ගැනීමට 1919 ප්‍රංශයේ පැරිස් නුවර පැවති සාකච්ඡාවට ප්‍රංශය නියෝජනය කළ අගමැතිවරයා කවුද?

• ක්ලෙමෙන්ෂෝ

6.දෙවන ලෝක සංග්‍රාමයෙන් පරාජයට පත් වූ රටවල් හඳුන්වනු ලබන පොදු නාමය කුමක්ද ?

• අක්ෂ පිල 

7.ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරා හා ඔහුගේ බිරිඳ ඝාතනයට ලක් වූ රට කුමක්ද ?

• බොස්නියාව 

8. ජපානයේ හිරෝහිතෝ අධිරාජයා කොන්දේසි විරහිතව යටත් වීමට හේතු වූ සිද්ධිය නම් කරන්න

• ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලීම 

9.පළමුවන ලෝක මහා සංග්‍රාමයේ අවසානයේ දී ජර්මනිය සමග අත්සන් කළ ගිවිසුම කුමක්ද ?

• වර්සෙල්ස් ගිවිසුම 

10. ගල් යුගයට අයත් මෙරට ප්‍රජාව ජීවත් වූ ප්‍රධාන පරිසර කලාප ගණන කීයද?

• අටකි 

11. වර්ෂ 1560 එකේදි පුවිරාජ පණ්ඩාරම් කුමරා ගෙන් පරාජයට පත්ව රාජධානිය අතහැර යාමට සිදු වූ රජු කවුද?

• සංකිලි රජතුමා 

12. පළමුවන විමලධර්මසූරිය රජුගේ පියා කවුද?

• වීරසුන්දර බණ්ඩාර 

13. ඇමෙරිකානු නිදහස් සටනෙහි සටන් පාඨය කුමක්ද ?

• නියෝජිතයන් නැත්නම් බදුත් නැත 
 

14. අතීතයේ ඔලගම් ලෙස ව්‍යවහාර වූයේ මොනවාද? 

• ජනතාව විසින් අතහැර දමනු ලැබූ වැව් ගම් 

15. රාජ්‍යත්වයට පත්වී වස වී වසර දහයක් ගත වන විට මෙරට ග්‍රාම සීමා සටහන් කළ රජු කවුද ?

• පණ්ඩුකාභය රජතුමා
<hr>

ශ්‍රීලංකාවේ සෙල්ලිපි සහ රජවරු


● තෝනිගල ලිපිය - සිරි මේඝවර්ණ රජතුමා

● අඹගමුව ලිපිය - මහා විජයබාහු රජතුමා

● වල්ලිපුරම් රන් සන්නස - වසභ රජතුමා

● ඉරිපින්නියාව ලිපිය - දෙවන සේන රජතුමා

● පොලොන්නරු කතිකාවත - මහා පරාක්‍රමබාහු රජතුමා

● හැටදාගෙයි ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා

● වේවැල්කැටිය ලිපිය - මානවම්ම රජතුමා

● බදුලු ටැම් ලිපිය - හතරවන උදය රජතුමා

● කුසලාකන්ද ලිපිය - වසභ රජතුමා

● දඹුලු පර්වත ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා

● මිහින්තලා ලිපිය - හතරවන මිහිඳු රජතුමා 

● වාදුරුප්පේ ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා

● තිරුමුක්කුඩල් ලිපිය - මහා විජයබාහු රජතුමා

● දෙවනගල ලිපිය - මහාපරාක්‍රමබාහු රජතුමා

● ගල්පොත ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා

● සංගමු විහාර ලිපිය - මහාපරාක්‍රමබාහු රජතුමා
<hr>
 ● මහනුවර රාජධානිය පිළිබඳ කෙටි සටහන්

● ශ්‍රී ලංකාවේ අවසාන රාජධානියයි.

● මහනුවර රාජධානිය 15 සියවස අග භාගයේ දී සෙංකඩගල නගරය කේන්ද්‍ර කොටගෙන ආරම්භ විය.

● මෙහි ස්වභාවික රැකවරණය නිසා ක්‍රිස්තු වර්ෂ 1815 වන තෙක් විවිධ සතුරු බලවේග හමුවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය.

● අනුරාධපුර රාජධානිය හැරුණු විට දීර්ඝතම කාලයක් පැවති රාජධානිය මහනුවර රාජධානිය වේ.


༼⚜︎මහනුවර රාජධානියේ භෞතික ලක්ෂණ⚜︎༽

⫸ගංගා - මහවැලි ගංගාව
⫸දුර්ග මාර්ග - හුන්නස්ගිරිය, බලන
⫸කඳු වැටි - හන්තාන කඳුවැටිය 

꧁මහනුවර රාජධානිය හැඳින්වූ වෙනත් නම්꧂
🍁කන්ද උඩරට
🍁කන්ද උඩ පස් රට
🍁ශ්‍රී වර්ධනපුර 
🍁කන්දේ නුවර
🍁උඩරට රාජධානිය 


ᬊ᭄✯මහනුවර රාජධානියේ ආරම්භය✯ᬊ᭄

                මෙම රාජධානිය 6 වන පරාක්‍රමබාහු රජ සමයේ මහනුවර රාජධානිය කෝට්ටේ රාජධානියට යටත් රාජධානියක් ලෙස පැවතිණි. 
               මෙම රාජධානිය ප්‍රාදේශීය පාලකයා වූ ජෝතිය සිටුවරයා එය කෝට්ටේ රාජධානියෙන් නිදහස් කරගැනීමට කැරැල්ලක් ඇති කළේය.
                කෝට්ටේ රාජධානියේ හයවන පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු මහනුවර රාජධානිය ක්‍රමයෙන් බලවත් බලවත් වන්නට විය.

 ★᭄මහනුවර රාජධානියේ ආරම්භක පාලකයින්★᭄
🔖සේනාසම්මත වික්‍රමබාහු
🔖ජයවීර බණ්ඩාර
🔖කරලියද්දේ බණ්ඩාර
🔖වීරසුන්දර බණ්ඩාර
🔖නිකපිටියේ බණ්ඩාර
🔖යමසිංහ බණ්ඩාර
🔖විමලධර්මසූරිය රජතුමා 


     ✹ᬊᬁඅධිකරණ කටයුතුᬊᬁ
                ඉහළම අධිකරණ බලතල රජු සතු විය.

රජතුමා විසින් විසඳන ලද නඩු වර්ග,
● වැදගත් නායකයින් සම්බන්ධ නඩු
● රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නඩු
● කැරලි කෝලාහල පිළිබඳ නඩු
● විහාර හා භික්ෂූන් සම්බන්ධ නඩු 

වැරදි කරුවන්ට ලබා දුන් දඬුවම්

● ඇතුන් ලවා පාගා මැරීම
● ඉපලෙන් තැලීම 
● දඬුකඳේ ගැසීම
● දියේ ගිල්වා මැරීම 
● හිස කෙස් කැපීම
● පිටුවහල් කිරීම 

🗡️• ඇමරිකන් නිදහස් සටනට බලපෑ හේතු👇👇

|¢|. බ්‍රිතාන්‍යයේ නිපදවන වෙලද ද්‍රව්‍ය ඇමරිකාව තුළ නිපදවීම තහනම් වීම.
|¢|. ජනපද තුල නිපදවන වෙලදද්‍රව්‍ය බ්‍රිතාන්‍යට පමණක් ලබාදීම.
|¢|. සෙසු වෙලදභාන්ඩද බ්‍රිතාන්‍යට යවා ඒ හරහා අදාළ රටට යැවිය යුතුවීම.
|¢|. වෙලද කටයුතු වලදී ජනපද මවුරට සමග තරග නොකලයුතු වීම.


👹1763න් පසුව බ්‍රිතාන්‍යන් හදුන්වාදුන් නව නීති නිසා ජනපදවාසීන් හා මවුආණ්ඩුව අතර ගැටුම් ඇතිවිය.


හත් අවුරුදු යුද්ධය නිසා බ්‍රිතාන්‍යයේ ණය බර ඉහළ ගිය නිසා *අගමැති ජෝර්ජ් ග්‍රැන්විල්* ජනපද වලට නව බදු රැසක් පැනවීය.

1764 - 65 කාලයේ එසේ පැනවූ බදු පනත් වුයේ👇👇👇

📌 නීති පනත.
📌 මුදල් නෝට්ටු පනත.
📌 මුද්දර පනත.

ඇමරිකන් ජනපදවල නියෝජිතයන් නොවූ හෙයින් ඔවුන්ට බදු පැනවීමට බ්‍රිතාන්‍යට අයිතියක් නැති බව මතය විය.

🌀 ඇමරිකන් නිදහස් සටනේ සටන් පාඨය = *නියෝජිතයන් නැත්තම් බදුත් නැත.*

සටන ආරම්භ වීම.
👇👇👇👇👇👇

බොස්ටන් වරායේ තිබූ බ්‍රිතාන්‍ය තේ නැවකට ජනපද වාසීන් පහරදීම.
*එය බොස්ටන් තේ සාදය නම් වේ...*

⚔️⚔️⚔️⚔️⚔️⚔️
   ... *පිලඩෙල්ෆියා සම්මේලනය* ...

⏰ ඇමරිකාවට නීති පැනවීමට බ්‍රිතාන්‍යට බලයක් නොමැට්ජි බව.

⏰ බ්‍රිතාන්‍ය භාන්ඩ වර්ජනය කලයුතු බව.

⏰ ආරක්ෂාව ජනපද වාසීන් සන්නද්ධ වියයුතු බව.
             ⃝✺۟۟۟ -----------------------------------
• 1775දී ඇමරිකාවේ ලෙක්සින්ටන් හිදී අවි ගැටුමක් ඇතිවීම.

• නැවත පිලඩෙල්පියාවට රැස්වී හමුදාවක් ලෙස සංවිධානය වීම.

• එහි අණදෙන නිලධාරියා ජෝර්ජ් වොශින්ටන්

• 1776 ජූලි 04 ඇමරිකන් නිදහස් ප්‍රකාශනය නිකුත් වීම.

• සැතපුම් දහස් ගනනක් දුර නුහුරු නුපුරුදු ප්‍රදේශයක සටන් කිරීමට සිදුවීම නිසා බ්‍රිතාන්‍ය හමුදා දැඩි දුශ්කරතාවලට මුහුන දීම.

• ප්‍රංශය , ස්පාඤ්ඤ , ඕලන්දය බ්‍රිතාන්‍ය විරෝධී පිලට එකතු වීම.

• 1783 දී සාම සාකච්ඡා වලට යොමුවීම.

• 1783 පැරිස් සාම ගිවිසුමෙන් ඇමරිකාව නිදහස් ස්වාධීන රාජ්‍යක් බව පිලිගැනීම.

• ජෝර්ජ් වොසින්‍ටන් ප්‍රතම ජනාදිපති වීම.

• සමස්ත මානව සංහතියටම නිදහසේ අගය පෙන්වාදීම.

• ලොව ප්‍රතම ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවීම.....



1 Comments

ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න...

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post