1948 නිදහසින් පසු මෙරට සිදු වූ සංවර්ධන කටයුතු
1.කෘෂිකාර්මික සංවර්ධනය.
2. වී ගොවිතැන දියුණු කිරීම.
3. වියළි කලාපයේ ගොවි ජනපදපිහිටුවීම.
4. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය.
5. ව්‍යාපාරික කෘෂිකර්මාන්තය දියුණුකිරීම.
6. සුළු අපනයන බෝග වගාව දියුණුකිරීම.
7. කාර්මික ජනපද පිහිටුවීම ඇතුළු කාර්මික ක්ෂේත්‍රයේ දියුණුව.
8. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.
ඩී.එස්. සේනානායක මහතා විසින් වියළිකලාපයේ ගොවි ජනපද පිහිටුවීමේ අරමුණු.
1. තෙත් කලාපයේ ජනගහන තදබදය හා රැකියා හිඟය අඩු කිරීම.
2. රටේ ආහාර නිෂ්පාදනය වැඩිකිරීම.
3. පැරණි වැව් හා වාරිමාර්ග අලුත්වැඩියා කර වියළි කලාපයේ ඉඩම් ආර්ථික සංවර්ධනයට යොදාගැනීම.
4. ඉඩම් හිමි තෘප්තිමත් ගොවි පරපුරක් නිර්මාණය කිරීම.
5.නව ගොවිජනපද පිහිටුවීමේ දී හා පවත්වාගෙන යාමේ දී රජය මුහුණ දුන්‌අභියෝග තෝරාගෙන වියළි කලාපයේ පදිංචිකරවීම.
6.වනගත ව පැවති බිම් කෘෂිකර්මයට යෝග්‍ය පරිදි සැකසීම.
7.ජනයාගේ සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු පහසුකම් ඇති කිරීම.
8.නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අලෙවි සංවර්ධන සේවා පිහිටු වීම.
නිදහස ලැබීමට පෙර මෙරට පිහිටු වූ ගොවි ජනපද
1. මින්නේරිය
2. කාගම
3. නාච්චි දූව
4. බෙරගම
5. මිනිපේ
6. පරාක්‍රම සමුද්‍රය
7. රිදී බැඳි ඇළ
8. සංගිලිකනදරාව
9. උනිච්චයි
නිදහස ලැබීමෙන් පසු ව පිහිටු වූ ගොවි ජනපද
1. බත්මැඬිල්ල
2. දේව හූව
3. ගිරිතලේ
4. පානියන් කඩවල
5. ඉරණමඩු
6. ගල්ඔය
7. කන්තලේ
8. සොරබොරවැව
මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයමගින් අපේක්‍ෂිත අරමුණු
1. වියළි කලාපයේ ගොවිබිම්වලට අවශ්‍ය නිත්‍ය ජල පහසුකම් සැපයීම
2. විදුලි බලය නිෂ්පාදනය කිරීම
3. නව ජනාවාස බිහි කිරීම
4. රැකියා හා කෘෂිකර්මාන්ත අවස්ථා බිහිකිරීම
5. ගංවතුර පාලනය හා මිරිදිය මසුන් බෝ කිරීම
මහවැලි සංවටධන යෝජනා ක්‍රමයයටතේ ඉදිකළ ජලාශ
1. කොත්මලේ
2. රන්දෙණිගල
3. රන්ටැඹේ
4. රත්කිඳ
5. මාදුරු ඔය
6. වික්ටෝරියා
7. උල්හිටිය
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ වී වගාව දියුණු කිරීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග
1. ගොවි ජනපද පිහිටුවීම
2. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කිරීම
3. වී සඳහා සහතික මිල ක්‍රමයක් හඳුන්වා දීම
4. වී පර්යේෂණ ආයතන පිහිටුවීම නව වී ප්‍රභේද හඳුන්වා දීම
5. ගොවිජන සේවා මධ්‍යස්ථාන පිහිටුවීම
6. ආධාර ලබා දීම
1948 න් පසු ව්‍යාපාරික කෘෂිකර්මයදියුණු කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග
1. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය මගින් එක් පුද්ගලයෙකුට අයිතියේ තබාගත හැකි නිශ්චිත ඉඩම් ප්‍රමාණයක් නියම කිරීම
2. 1975 ඉඩම් ප්‍රතිසංස්කරණය මගින් ව්‍යාපාරික වතු වගාවේ යෙදුණු පොදු සමාගම සතු ඉඩම් ජනසතුකිරීම
3. රාජ්‍ය අංශය සතු ඉඩම් කළමනාකරණය සඳහා ආයතන කිහිපයක් පිහිටුවීම. (රාජ්‍ය වැවිලිසංස්ථාව, උඩරට වතු සංවර්ධනමණ්ඩලය, ජනතා වතු සංවර්ධනමණ්ඩලය)
4. 1952 චීන සමූහාණ්ඩුව සමග ඇතිකරගත් ද්විපාර්ශ්වික ගිවිසුම
5. රබර් හා තේ නැවත වගාව සඳහා ආධාර ලබා දීම
6.රජයේ ඉඩම් බෙදා දීමේ ප්‍රතිපත්තිය.
නිදහසින් පසු සුළු අපනයන බෝග වගාව දියුණු කිරීම සඳහා රජය ගත් පියවර
1968 තේ කොමිෂන් වාර්තාව අනුව තේ ඉඩම්වල අතුරු වගාවක් ලෙස ඇතැම් සුළු අපනයන බෝග වගා කිරීම
1972 මාතලේ ද ඉන් පසුව කුණ්ඩසාල, දල්පිටිය, නාරම්මල වැනි ප්‍රදේශවල ද සුළු අපනයන පරියේෂණායතන ඇරඹීම.
1972 දී වගාව සඳහා උපදෙස් දීම, පොහොර ලබාදීම, අලෙවි ප්‍රවර්ධන කටයුතු යනාදී පියවර රැසක් ගැනීම.
නිදහසින් පසුව මෙරට කාර්මීකරණ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන ලක්ෂණ.
1959 දී ප්‍රථම කාර්මික ජනපදය ඒකල පිහිටුවීම.
1960 දී රත්මලාන කාර්මික ජනපදයපිහිටුවීම.
1961 දී මහජන බැංකුව පිහිටුවා කුඩා කර්මාන්ත කරුවන්ට ණය පහසුකම් සලසා දීම.
1966 දී කාර්මික නිෂ්පාදනවල ප්‍රමිතිය තීරණය කිරීමට ප්‍රමිති කාර්යංශයක් පිහිටුවීම.
රජයේ කාර්මික ප්‍රතිපත්තිය නිසා1960 න් පසුව පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තවල දියුණුවක් ඇතිවීම.
1970 - 1977 ආයාත ආදේශක ප්‍රතිපත්තිය මත ගෘහස්ථ හා සුළු කර්මාන්ත දියුණුවීම.
සිමෙන්ති,යකඩ හා වානේ, තුනීලෑලි, සීනි ආදී මහා පරිමාණ කර්මාන්ත රජයේ මැදිහත් වීමෙන් පවත්වාගෙන යෑම.
නිදහසින් පසු මෙරට අධ්‍යාපනක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ
රට පුරා පාසල් සංඛ්‍යාව ඉහළ යාම
කෙටිසටහන් නිර්මාණය - රන්දිල්
යුගයේ ජනප්‍රියම ඉතිහාසය පන්තිය
ප්‍රභාත් උදයකාන්ත
Posted By Ashen Nethsara
