ඉතිහාසය යනු.....
ඉතිහාසය යන විෂය පථය 6 ශ්‍රේණියේ සිට සිසුවෙකුට ඉගෙනීමට ලැබෙන විෂයයකි. ඉතාම රසවත් සංසිද්ධීන් ඇතුළත් කාලවකවානුවක තොරතුරු මෙම විෂය පථය තුළින් ඉගෙන ගත හැක. මෙම පරිච්ඡේදය සකස් වන්නේ 10 ශ්‍රේණියේ සිසු දරුවන් හට ඉතිහාසය විෂයයට උපකාරයක් වන බලාපොරොත්තුවෙනි.
10 ශ්‍රේණිය පෙළපොතට අනුව මුල්ම පරිච්ඡේදයෙන් ශිෂ්‍යයා හට ඉතිහාසය විෂයයෙහි මූළාශ්‍ර පිළිබඳව අවබෝධය ලබා දේ. නමුත් අප මුලින්ම බලමු මේ ඉතිහාසය යන්න කුමක්ද යනුවෙන්.
ඉතිහාසය = අතීත, පෙර, යටගියාව
එලෙස බලන කල ඉතිහාසය යනු අතීත මිනිස් ක්‍රියාකාරකම් ඇතුළත් කාල පරිච්ඡේදය යි. ඉතිහාසය විෂයය තුළින් එම ක්‍රියාකාරකම් ඇතුළත් කාල පරිච්ඡේදය පිළිබඳ හදාරනු ලබයි.
මීළඟට අප මූලාශ්‍රය යන්න හඳුනා ගනිමු.
"ලේඛන හෝ නිර්මාණ මඟින් අතීත මිනිස් කටයුතු පිළිබඳ තොරතුරු අඩංගු වන දේ මූලාශ්‍ර වේ."
මූලාශ්‍ර වනාහි ප්‍රභේද දෙකක් ඔස්සේ අපට තොරතුරු ලබා දේ.
මූලාශ්‍ර
01 සාහිත්‍ය මූලාශ්‍ර 02 පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර
01.සාහිත්‍ය මූලාශ්‍ර
අතීතයේ විවිධ කාල වකවානු වල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන වේ.
සාහිත්‍ය මූලාශ්‍රය
- දේශීය සාහිත්‍ය මූලාශ්‍රය
- විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය
1. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර
- වංස කතා :- ශ්‍රී ලංකාවේ දේශීය මූලාශ්‍ර අතර දීපවංසය යනු පැරණිම කෘතියයි ( ක්‍රි. ව. 4 වන සියවස), මහාවංසය, ථූපවංසය, බෝධිවංසය
- සන්දේශ කාව්‍ය :- මයුර සන්දේශය, තිසර සන්දේශය, සැලළිහිණි සන්දේශය
- ප්‍රශස්ථි කාව්‍ය :- පැරකුම්බා සිරිත
- හටන් කාව්‍ය :- සීතාවක හටන, කොන්ස්තන්තිනූ හටන, ඉංග්‍රීසි හටන
2. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර
i.චීන මූලාශ්‍ර - පාහියන් හිමිගේ දේශාටන වාර්තා
ii.අරාබි මූලාශ්‍ර - ඉබන් බතූතාගේ දේශාටන වාර්තා
iii.පෘතුගීසි මූලාශ්‍ර - “ රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය’’ නම් ග්‍රන්ථය
iv.ඕලන්ද මූලාශ්‍ර - “ බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය ”
v.ඉංග්‍රීසි මූලාශ්‍ර - “ එදා හෙළදිව ” - රොබට් නොක්ස්
vi.ඉන්දීය මූලාශ්‍ර - සීලප්පදිකාරම් , අර්ථ ශ්‍රාස්ත්‍රය - කෞටිල්‍යගේ
සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන
i.ඓතිහාසික කාල අනුපිළිවෙල සකස් කර ගැනීමට.
ii.එක් එක් අවධිවල දේශපාලන , ආර්ථික , සමාජ සහ සංස්කෘතික කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට.
iii.එක් මූලාශ්‍රයක් මඟින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයකින් සනාථ කර ගැනීමට.
iv.රටක විදේශීය සබඳතා අධ්‍යයනය කිරීමට . ( විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර )
02. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය
කාසි
අභිලේඛන
නටඹුන්
අභිලේඛන
සෙල්ලිපි - ලෙන්ලිපි , ටැම්ලිපි , පුවරු ලිපි , ආසන ලිපි
කාසි
පුරාණ , ධරණ , ලක්ෂ්මී කාසි , අංක ( රන්කාසි වර්ගයක් ) , තඹ මස්ස
පුරාණ නටඹුන්
පැරණි ගොඩනැගිලි , දාගැබ් , ගල් කණු , වැව් , පොකුණු
අභිලේඛන ලියා ඇති මාධ්‍ය උදාහරණ
ශිලා ( ගල් ) - නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත සෙල්ලිපිය
බිත්ති - සීගිරි ගී
තඹ තහඩු - පළමු විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස
රන් තහඩු - වල්ලිපුරම් රන්පත
දැව - ඇම්බැක්කේ දේවාලයේ දැව කණුවල ලියූ ලේඛන
මැටි - පුවරුඋළු හ ගඩොල් මත ලියු අකුරු
භාජන - මැටි වළං , පාත්‍ර ආදියේ ලියූ අකුරු
ලෙන් ලිපි :- ගල්ලෙන්වල කටාරම අසළ ලියන ලද
ගිරිලිපි :- ගල් තලාවල ලියන ලද
ටැම්ලිපි :- ගල් කණු වල
පුවරුලිපි :- ගල් පුවරු වල
ආසනලිපි :- මල් ආසන මෙන් තැබූ ගල් පුවරු වල
ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන
1.තමා ජීවත් වන සමාජය සහ ලෝකය පිළිබඳ යථාවබෝධයට.
2.අතීත අත්දැකීම් මඟින් වර්ථමානය තේරුම් ගෙන අනාගතය ගොඩනැගීම.
3.රටේ අනන්‍යතාව හඳුනා ගැනීම.
4.මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමඟිය ගොඩනැඟීම.
5.අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට පුරුදු වීම.
6.විවිධ මත ඉවසීමට හුරු වීම.
පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ආරක්ෂා කර ගනිමු
රටක ඉතිහාසය ගොඩනගමින් එය වඩාත් තහවුරු කරගැනීමෙහි ලා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ඉතාම ත් සමීප වේ. අතීත මිනිසාගේ කලා කුසලතාවන්, තාක්ෂණ කුසලතාවන් වැනි වටිනා දේ මතු පරපුරට ත් උගත හැක්කේ ඒ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් දැක බලා ගැනීමෙනි. නමුත් වත්මනේ ඒ වටිනා පුරාවස්තූන් විනාශ කරමින් ඒවා මුදලට පරිවර්ථනය කරමින් සිටී. නමුත් නීති සංග්‍රහයට අනුව පුරාවිද්‍යාත්මක සාධකයන් විනාශ කිරීම, වෙනස් කිරීම යනාදී විකෘති කිරීම් සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරයි.
නමුත් ඔබේත් අපේත් ඇති ඒ ප්‍රෞඪ ඉතිහාසය ලෝකයක් දණින් වැට්ටවූ දියුණු යුගයක් ය. ඒවායෙහි නටඹුන් තවමත් දැකබලා ගත හැක. අප කළ යුත්තේ ඒවා විනාශ කිරීම නොව එම තාක්ෂණය උගෙන මතුවට ප්‍රයෝජනයට යොදා ගැනීමයි. අ පො . ස සාමාන්‍ය පෙළ සිසු දරුවෙකු ලෙස ඔබගේ වටිනා අනාගත බලාපොරොත්තුවක් ලෙස මෙම ප්‍රෞඪ ඉතිහාසය රැක ගන්නෙක් ලෙසින් වටිනා පුරවැසියෙක් වීමට අධිෂ්ඨාන කර ගැනීම තරම් වෙනත් වටිනා දෙයක් නැත.

Supiri
ReplyDeleteSupiri
ReplyDelete👍
DeleteThAva vishayan vala video Keti stahan dannako website eka maru
ReplyDeleteThanks 😊
DeleteEnglish short notes plese!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete